ගැලවීමේ සහතිකය
පිවිසුම
- ආමොස් 8:11 - "බලව, හානියක්, එනම් කෑම හානියක්වත් වතුර පිපාසායක්වත් නොව ස්වාමීන්වහන්සේගේ වචන ඇසීමේ හානියක්, මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය."
- උත්පත්ති 3:9 - "ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක."
- සැම ගෝලයන් බිහි කරන්නෙකු විසින්ම යේසුස් වහන්සේ තමාගේ ජීවිතය වෙනස් කරන ලද්දේ කෙසේද යන්න ඔවුන්ගේ කතාන්දරය බෙදා ගත යුතුය (මාගේ කතාව)
- දෙවියන්වහන්සේ ගේ කතාව
- ගැලවීම තුළ ස්ථිරත්වය
- 2 කොරින්ති 5:20 - "එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමගිවෙයල්ලායයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව."
- මතෙව් 28:19-20 - "එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට* (* නාමය තුළට ඔවුන් බව්තීස්මකරපල්ලා.අවගාහනයකරපල්ලා)"
- සැම විටම පෙර ජීවිතය සිහියේ තබා ගනිමින් ඉහල බලමින් ඉදිරිය බලමින් ගමන් කළ යුතුය
සේවය කරන්න අපව කැඳවන කාරණා 04 ක්
- ස්වර්ගික කැඳවීමක් - මාර්ක් 16:15,16 - "උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්රකාශකරපල්ලා. අදහාගන්නාවූ බව්තීස්මය* ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය"
- නිරයෙන් / හෙදිසයෙන් කැඳවීමක් - ලුක් 16:27,28 - "ඔහුද: එසේ නම්, පියාණෙනි, මට සහෝදරයන් පස්දෙනෙක් සිටිති; ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට සාක්ෂි දෙන්ට ඔහු මාගේ පියාගේ ගෙදරට අරින ලෙස ඉල්ලමියි කීවේය."
- ඇතුළාන්ත කැඳවීමක් - 1 කොරින්ති 9:16,17 - "මක්නිසාද මම ශුභාරංචිය දේශනා කරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ. මක්නිසාද මේක මාගේ කැමැත්තෙන්ම කරම් නම්, මට විපාකයක් තිබේ. කැමැත්තක් නැතුව කළත් ගබඩාකාරකමක් මට භාරදී තිබේ."
- පිටස්තරයෙන් එන කැඳවීමක් - ක්‍රියා 16:9 - "පාවුල්ට රාත්‍රියෙහි දර්ශනයක් පෙනුණේය; එනම්: මකිදෝනියට ඇවිත් අපට
උපකාරකරන්නැයි කියමින් මකිදෝනියේ මනුෂ්‍යයෙක් නැගිට සිට ඔහුගෙන් අයැද
සිටියේය."
සුභාරංචි බෙදා ගැනීමට මැලිවන හේතු
- සුභාරංචියට තිබෙන බයාදුකම - මතෙව් 28:19-20
- සුභාරංචිය බෙදා ගැනීමේ කඩිනම් අවශ්යතාවයනොහැගීම - යොහාන් 4:21 - 38
- යේසුස් වහන්සේ මනුෂ්‍යා දකින පරිදි අපි දකින්නේ නැති නිසා - මතෙව් 9:36
- සුභාරංචිය බෙදා ගන්නා ආකාරය දන්නේ නැති වීම
ක්‍රියාකාරකම : යේසුස් වහන්සේ මාගේ ජීවිතය වෙනස් කළ කතාව
- ක්‍රිස්තුස් වහන්සේ දන ගැනීමට පෙර මාගේ ජීවිතය ( කරදර, බිඳුණු ස්වභාවය,රූප වන්දනාව, තෘෂ්ණා ආදිය)
- මට යේසුස් වහන්සේ සම්මුඛ වූ ආකාරය
- යේසුස් වහන්සේ තුලට පැමිණි පසු මාගේ ජීවිතය
දෙවියන්වහන්සේගේ කතාව
කටපාඩම් පද
- රෝම 3:23 - "මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ* මහිමයෙන් හීනව සිටිති."
- රෝම 6:23 - "මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය."
- රෝම 5:8 - "දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය. "
- රෝම 10:9-10 - "යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය."
- රෝම 10:13 - "ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය."
වෙනත් කරුණු
- ගැලවීම හා අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ ගැන සහතිකත්වය - රෝම 8:1
- පාපයේ ප්‍රතිඵලය - රෝම 8:17
- මනුෂ්‍යයන් විවිධ ක්‍රම වලින් දෙවියන්වහන්සේ ව සෙවීමට උත්සාහ කරන නමුත් අසමත් වන්නේ ඇයි? එපීස 2:8,9
- දෙවියන්වහන්සේ අපව උන්වහන්සේ වෙතට ඇද ගන්නේ කෙසේද? 1 පේදුරු 3:18